stevejobs1

STEVE JOBS / ස්ටීව් ජොබ්ස් : 1955–2011

ස්ටීව් ජොබ්ස්

1955පෙබරවාරි මස 24 දින කැලිෆෝනියාවේදී උපන් ස්ටීවන් පෝල් ජොබ්ස්, හැදින්වෙන්නේ පරිගණක ක්ෂේත්‍රයේ දිශානතිය ඉතා වේගවත් සහ සහ දුරදක්නා ලෙස වෙනස් කල පුරෝගාමියා ලෙසය. එ් කාලයේ නිවසක කාමර තරම් විශාල වූ පරිගණක අපගේ මේසය මත තැබිය හැකි, අපගේ අතේ ගෙන යාහැකි “මිත්‍රශීලී” උපකරණ බවට පත්කලේ ස්ටීව් ජොබ්ස්ගේ නිර්මාණාත්මක සිතුවිලි නිසාවෙනි.එනම් දෙයක් සම්පූර්ණයෙන් වෙනස්ව දකින ගුණය නිසාවෙනි.

Commands වලින් වැඩ කරනු ලබන, Mouse එකක් නැති, Icons නැති කොටින්ම Graphical User Interface එකක් නැති පරිගණයක් ගැන සිතන්න, Steve Jobs යනු කෙතරම් විශිෂ්ඨ මැවුම් කරුවකුදැයි සිතෙන්නේ එවිටය.

එ් කාලයේ දැවැන්ත සමාගම් වලට පමණක් සීමා වූ කාමර තරම් විශාල වූ පරිගණකය, මේසය මතට ගෙන එ්මේ සිට කෘතිම බුද්ධිය සාමාන්‍ය මිනිසාට ළගාකරවීම (Apple Siri) දක්වා වූ දැවැන්ත තාක්ෂණික විපර්යාසයේ මහ මොළය ස්ටීව්ජොබ්ස්ගේ නිර්මාණාත්මක, ව්‍යාපාරික, වෙනස්ව සිතීමට හුරු කරන ලද මොළයයි.

ජොබ්ස්ගේ සැබෑ දෙමාපියන් වන්නේ, Joanne Schiebleසහ AbdulfattahJandaliය. ඔවුන් දෙපළ අැතිවන සම්බන්ධය Joanne ගේ පියාගේ නොකැමැත්ත නිසා 1955 පෙබ 24 දින උපන් ජොබ්ස් “හදාගැනීමට” ඔහුගේ සැබෑ මව වන ජොඅෑන් විසින් පොහොසත් සහ හොදින් ඉගෙනගත් පවුලක් සොයනු ලබනවා. ඉන්පසු ඔහුව Paul Reinnold Jobs සහ Clara Hagopianයන දෙපල වෙත භාර කරනු ලබනවා. කෙසේ වෙතත් ස්ටීව් පසු කාලයක ඔහුගේ හදාගත් දෙමාපියන් එලෙස අැමතීමට විරුද්ධත්වය පළ කරමින් පවසා අැත්තේ “ඔවුන් තමා මගේ දෙමාපියන් 1000% ක්ම” යනුවෙනි.

ජොබ්ස්ට අවුරුදු 10 පමණ වන විට, ඔහු Electronic විශය පිලිබද ඉතා උනන්දුවෙන් හැදෑරීමට අාරම්භ කරනු ලබනවා. කුඩා කාලයේ ඔහුට සමවයස් මිතුරන් සමග මිතුරු වීමට යම් අපහසුකම් අැති වී තිබෙනවා.කෙසේ වෙතත් වර්ග දෙකක් යටතේ මිතුරන් අැසුරු කිරීමට ජොබ්ස්ට හැකි වෙනවා. එ්, තාක්ෂණය සම්බන්ධ මිතුරන් සහ කලාව සම්බන්ධ මිතුරන් ලෙසින්.

එලෙස කාලය ගෙවීමෙන් අනතුරුව වියදම් අධික වූ පාසලක් ලෙස හදුන්වන Reed පාසලට ජොබ්ස්ගේ උසස් අධ්‍යාපනය සදහා ඔහුව භාර දෙනු ලබනවා. ජොබ්ස්ගේ දෙමාපියන් මේ වන විට ඔවුන්ගේ සියළුම ඉතුරුම් ජොබ්ස්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කරමින් සිටිනවා.  ජොබ්ස්ගේ ජීවිතයේ වැදගත් සිද්ධියක් වන ChrisannBennan සමග අාලය දිගටම පවත්වාගෙන යනු ලබන්නේ මේ කාලයේදීය. තම පාසල් වියදම් අධික වූ බැවින්, දෙමාපියන්ට බරක් වීමට අකමැති වූ ජොබ්ස්, තම පාසලෙන් ඉවත්වීමට තීරණය කරනු ලබනවා. එමෙන්ම භාහිර ශිෂ්‍යයෙකු ලෙස තමන් අකමැති විෂයන් ඉවත් කර කැමති වීෂයන් පමණක් අධ්‍යනය කිරීමට තීරණය කරනු ලබනවා. මේකාලයේදී ඔහු නිදාගන්නා ලද්දේ තම මිතුරන්ගේ කාමරවලගෙබිම තුලය. එසේම හිස් කොකා කෝලා බෝතල් එකතු කර වෙලදසැල් වලට භාර දීමෙන් මුදල් සෙවීමට ඔහුට සිදුවී අැත. එ්කාලයේ තමන් සතියකට වරක් පමණක් නොමිලේ ලැබූ ප්‍රණීත අාහාර වේල ලබා ගැනීමට “හරේ ක්‍රිෂ්ණා” කෝවිලට ඔහු සැතපුම් ගණන් අැවිද යනු ලබයි.

Atari අායතනයේ රැකියාව ලැබීමෙන් පසුව, ඉන් ඉතිරි කරගත් මුදලින් ජොබ්ස් තම මිතුරකු වූ, Daniel Kottkeසමග 1974 දී NeemKaroliඅාශ්‍රමය දැක බලා ගැනීමට ඉන්දියාවට  පිටත් වනු ලබනවා. එහි අවසානය වන්නේ ජොබ්ස්  Zen බුද්ධාගම වැල්‍්‍ද ගැනීමයි. මාස 07ක ඉන්දියානු සංචාරයෙන් පසු ජොබ්ස් නැවත තම දෙමාපියන් සමග වාසය අාරම්භ කරන අතර “භාවනා” කරීමට ද, අාරම්භ කරනු ලබනවා.

නැවත Atari හි වැඩකිරීම අාරම්භ කරන ජොබ්ස් හට Atari විසින් නව ව්‍යාපෘතියක් බාර දෙනු ලබනවා. එ් වීඩියෝ ක්‍රීඩාවකට, අවශ්‍ය Circuit සෑදීමටයි. එම ව්‍යාපෘතිය සදහා $5000 ක ගෙවීමක් ඔහුට කරනු ලබනවා. Circuitsසම්බන්ධ කුඩා දැනුමක් ජොබ්ස්ට තිබූ හෙයින් මේ ව්‍යාපෘතිය සදහා තම සගයා වන Steve Wozniacසම්බන්ධ කරගනු ලබනවා. නමුත් ව්‍යාපෘතියේ මුදල වන $5000 වෙනුවට ජොබ්ස්, වොස්නියැක්ට පවසන්නේ එය $700ක ගණුදෙනුවක් බවයි. එම $700 න් හරි අඩක් ($350ක්) වොස් හට ලබා දෙන බව ජොබ්ස් පවසනවා. වොස් අදාල Circuit Boards සාදා නිමකල පසු “කපටි” ජොබ්ස් ඩොලර් 4650ක ලාභයක් ලබනු ලබනවා.කෙසේ වෙතත් මෙම රහස වොස් දැනගනු ලබන්නේ ඉන් අවුරුදු 10කටත් පසුවයි.

අනුන්ට වැඩ කිරීම කරදරයක් බව හැගෙන ජොබ්ස්, වොස්නියැක් සමග එක්ව, 1976 දී Apple Computers අාරම්භ කරනු ලබනවා. මේ කාලයේ පළතුරු පමණක් අාහාරයට ගත් ඔහු, තම ව්‍යාපාරයේ නම ලෙස Apple යන නම භාවිතා කරනවා. මුල් කාලයේ පවා ඔහු “පිළිවෙල” ගැන ඉතා සැලකිල්ලක් දැක්වූ අයෙකි. ඔහු පිළිබද චිත්‍රපටයක් වන Jobs 2012 චිත්‍රපටයේ එම පිළිවෙල අර්ථවත් කිරීමට කදිම රූපරාමුවක් සකස් කර තිබෙනවා. වොස් Circuit Board වල තිබෙන දේවල්සාදමින් සිටින විට එතනට පැමිනෙන ජොබ්ස්, “මේ කෑලි මීටවඩා සමමිතික(එකකට එකක් කෙලින්) වෙන්න ඔ්න” යනුවෙන් පවසනවා. මින් අදහස්  වන්නේ Steve Jobs පොඩි දේවල් ගැන වුවද කෙතරම් සැළකිල්ලක් දැක්වූවාද යන්නයි. වර්තමානයේ Apple අායතනයෙන් නිපදවෙන සියළුම උපාංග වල (එම උපාංගයේ අැති දවටනයේ (Package) පවා) ලස්සන, පිළිවෙල ජොබ්ස්ගේ එම ගතිගුනය නිසා බිහි වූ දේවල්ය.

Apple අායතනයේ සාර්ථක වීමත් සමග Chrisann Brennan සමග වූ සම්බන්ධය වඩාත් නරක අතට පත්වන්නේ Brennan ගැබ් ගැනීමත් සමගය. පරීක්ෂණ වලින් කියවෙන පරිදි, දරුවාගේ පියා ජොබ්ස් වීමට අැති සම්භාවිතා ප්‍රතිශතය 94.1% කි. නමුත් ජොබ්ස් එය බැහැර කරන්නේ, “අැමරිකාවේ වෙසෙන පිරිමින්ගෙන් 6%ක් දරුවාගේ පියා විය හැකි බවයි” නමුත් පසුකලෙක එම දරුවාගේ නමින් (Lisa Brennan) තමන්ගේ පරිගණකයක් නම් කිරිමට ඔහු තීරණය කල බව සදහන් වේ.

1983දී Apple හි ප්‍රධානියා ලෙස Pepsi අායතනයේ විධායක නිළධාරියෙකු වූ John Scully ජොබ්ස් විසින් බදවා ගන්නා ලදී. එහිදී ජොබ්ස් ඔහුට මෙවැනි වදනකින් අාරාධනා කරනු ලබනවා.

“ඔබට ඔබේ ජීවිතයේ ඉතිරි කාලය සීනි වතුර විකුණමින් ඉන්න අවශ්‍යද? නැත්නම් ලෝකය වෙනස් කිරීමට අවශ්‍යද?”

නමුත් 1985දී නොයෙකුත් ගැටුම් මැද Scully සහ අනිකුත් අධ්‍යක්ෂක වරුන් විසින් ජොබ්ස්ව අායතනය තුල බල රහිත පුද්ගලයෙක් බවට පත් කරනවා. 1985 සැප්තැම්බර් මාසයේදී Jobs තමාගේ දහඩිය මහන්සියෙන්, තමාගේ කැප කිරීමෙන්, තමාගේ දැක්මෙන් බිහි කල තමාගේ අායතනයෙන් ඉවත් කරනු/වනු ලබනවා.

නමුත් ඉන් පසු නොබසින ජොබ්ස්, 1985 දීම NeXT නමින් නව අායතනයක් අාරම්භ කරනු ලබනවා. ඔහු එහිදී NeXT Computer නමින් නව පරිගණකයක් නිපදවනු ලබනවා. (Tim Berners Lee ලෝක ව්‍යාප්ත ජාලය(www) සොයාගන්නා ලද්දේ මෙම NeXT පරිගණකයක් භාවිතයෙනි)

එම අායතනයද ලාභදායි බවට පත් කරවන ජොබ්ස් මීළගට Pixar අායතනය සදහා අායෝජනය කරනු ලබනවා. 1995 දී පළමු අැනිමේෂන් චිත්‍රපටය ලෙස Toy Story බිහි වන්නේ එලෙසිනි.

1989 දී Lourene Powell නමැති යුවතිය ජොබ්ස්ගේ අැසගැටෙනවා. 1991 මාර්තු මාසයේදී ඔවුන් දෙපළ විවාහ ගිවිස ගනු ලබනවා. ඔවුන්ගේ පළමු දරුවා 1991 දීම මෙලොව එළිය දකිනවා. එ් අතරතුර ජොබ්ස්ගේ පියා 1993 දී මිය යනු ලබනවා.

මේකාලය වන විට Apple සමාගම පාඩු ලබන අායතනයක් බවට පත් වනවා. එයට පිළියමක්ලෙස 1997 දී ජොබ්ස්ගේ NeXT අායතනය ඩොලර් මිලියන 427ක මුදලකට අැපල් සමාගම විසින් මිලදී ගැනීමත් සමග ජොබ්ස් නැවතත් අැපල්හි ප්‍රධානියා බවට පත් වනවා. එ් සමගම Jonathan Iveවැනි දක්ෂයින් සමග ජොබ්ස් නව නිපැයුම් රැසක් ඉදිරිපත් කරනු ලබනවා. iMacපරිගණකය එ් අතරින් විශේෂයි. iMacඑ්කාලය වන විට ඉතා ඉහළ ලාභයක් Apple වෙත ගෙන එනු ලබනවා. තම සමාගම තවදුරටත් ඩිජිටල් කරණයට පත් කරන ජොබ්ස්, iPod, iTuesවැනි නව නිර්මාණ ලොවට දායාද කරනු ලබනවා.

2007 දී Apple සමාගම ජංගම දුරකථන වෙලදපලද අාක්‍රමණය කරනු ලබනවා. එ් iPhone හරහා. ස්පර්ශ සංවේදී තිරය සමග ඉදිරිපත් වූ අයිෆෝනය, මුළුලොවම නව මානයකට රැගෙන යනු ලබනවා. වර්ථමානය (2016) වන විට සෑම දුරකථනයක්ම Touch Sensitive වීම ජොබ්ස්ගේ චින්තනයේ පරිමාව මොනවට පිළිඹිඹු වීමක්.

2003 ඔක්තෝබර් මාසයේදී ජොබ්ස් ගේ සෞඛ්‍ය තත්වය පිරිහීමට අාරම්භ වනවා. එ් පිළිකාවක් නිසා. කෙසේ නමුත් වෙෙද්‍යවරුන්ද නොසිතූලෙස ජොබ්ස්ගේ සෞඛ්‍ය තත්වය යහපත් අතට හැරෙනවා. නැවතත් සුපුරුදු පරිදි එදිනෙදා වැඩකටයුතු කරගෙන යනු ලබන ජොබ්ස් හට නැවත පරණ රෝගී තත්වයටම ගොදුරුවීමෙන් 2011 අගෝස්තු මාසයේදී තම නිළයෙන් (CEO) ඉල්ලා අස් වනවා. එ් සමගම Tim Cook, Apple හි ප්‍රධාන විධායක නිළධාරි ලෙස පත් වනවා.

2011 ඔක්තෝබර් මස 05 වන දින සවස 3ට පමණ මේ අසාහාය මිනිසාගේ මරණය සිදුවනවා. ඔහුගේ මරණයට ටික වෙලාවකට පෙර ඔහුගේ සහෝදරිය, ළමයින් සහ ඔහුගේ බිරිද දෙස දිගු වෙලාවක් බලා හිද “Oh Wow, Oh Wow, Oh Wow” ලෙස තුන් වතාවක් පවසා තිබෙනවා. මින් සමහර විට ඔහු අදහස් කරන්නට අැත්තේ කෙතරම් ප්‍රීතිමත් ජීවිතයක් ඔහු ජීවත්ව සිටියදී ගෙව්වාද යන්න විය හැක. ඉන් පසුව සිහි මූර්ජා වන ජොබ්ස් පැය කීපයකට පසුමරණයට පත් වනු ලබනවා.

කවදත් මරණය යනු සාමාන්‍ය දෙයක් ලෙස සැලකූ ඔහු, මරණයට සූදානම් වූ අයුරු මෙලෙස විස්තර කර තිබෙනවා. “සෑම දිනකම උදෑසන කණ්නාඩිය ලගට යන මම, අද මම ජීවත්වන අන්තිම දිනය නම් මම කරන්නේ අැත්තටම මම කළ යුතු දේවල්ද කියා සිතනවා.”

ජොබ්ස් රේහල් අැදේ සිටියදීද අලුත් උපාංග ගැන කොලවල අැද තමන්ගේ සේවකයන්ට උපදෙස් දී තිබෙනවා. ජොබ්ස්ට මේ වන විට Patent බලපත්‍ර 450 ක් හිමිව තිබෙනවා. ඔහු කිසිදාක Programming Codes ලියා නැත. කිසිම විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා නැත. නමුත් ඔහු ලෝකය වෙනස් කලේය. ඔහුගේම වචනවලින් කියතොත් “The ones who crazy enough to think that they can change the world, are the ones who do.” සරල ඉලෙක්ට්‍රොනික් දැනුමක් තිබුනත්, ඔහුගේ හිතේ මැවෙන දේ සේවකයින්ගෙන් හෝ කවුරුන් විසින් හෝ කරවා ගැනීමයි ජොබ්ස් සෑම විටම කර අැත්තේ. හරියට අපිට ඔ්නෑ ලෙස කලිසමක් මසා ගැනීම වැනිය.

ජොබ්ස්ගේ ජීවිතයෙන් අපට ගත හැකි අාදර්ශ රාශියකි. එ් අතරින් නිදහස් චින්තනය ප්‍රධානය. තවද සරලත්වය, වෙනස්ව සිතීම වැනි ගුනාංග වලින් අප ජීවිතයට ගතහැකි අාදර්ශ බොහෝය.

ඔහු Stanford සරසවියේදී කළ ප්‍රසිද්ධ දේශණයේදී Connecting Dots – තිත් යා කිරීම යන මාතෘකාව යටතේ යම් අදහසක් දක්වනවා. ඔහු පවසන්නේ අද අප කරන, සිදුවන ඔ්නෑම දෙයක් අනාගතයේදී කෙසේ හෝ සම්බන්ධ වන බවයි. උදාහරණයක් ලෙස ඔහුව එදා අැපල් සමාගමෙන් නෙරපීම දැක්විය හැකිය. එදා ඔහු එසේ ඉවත් නොකලානම් ඔහුට කිසි දිනක, NeXT නම් සමාගමවත්, Pixar සමාගමවත් අාරම්භ කළ නොහැකි වනු අැත. Pixar සමාගම අාරම්භ නොකළානම් ලොව පළමු Animation චිත්‍රපටය වන Toy Story චිත්‍රපටය බිහි නොවනු අැත. තව උදාහරණයක් නම්, ජොබ්ස්ගේ උසස් අධ්‍යාපන සමයේ ඔහු Typography විෂයක් ලෙස නොහැදෑරුවේ නම් කිසිදාක මැක් පරිගණකයක අද දක්නට ලැබෙන “ලස්සන” අකුරු බිහි නොවන්නට ඉඩ තිබුනි. පසුව Microsoft සමාගම එ් Typography Styles කොපි කල බැවින් එ්වා වින්ඩෝස් පරිගණක සමගද ව්‍යාප්ත වන ලදී. එදා ජොබ්ස් එම Typography පන්තියට නොගියානම් අද සියළුම පරිගණක වල දක්නට ලැබෙන “ලස්සන අකුරු” දක්නට නොලැබේවි.

අද අප විසින් නිර්මාණය කරන තිත් අනාගතයේ යම් දවසක තවත් තිතක් සමග සම්බන්ධ වේවි කියා විශ්වාස තබාගත යුතුය. එසේ විශ්වාස කරමින් අදාල තීරණ නොබියව ගත යුතුය.

ජොබ්ස්ගෙන් සිනමාව, පරිගණක, දුරකථන සංගීත, සහ තවත් එකී නොකී ක්ෂේත්‍ර වලට සිදු වූ සේවය අනූපමේයය. කාමර තරම් විශාල වූ පරිගණකය, ලියුම් කවරයක දැමිය හැකිසේ දියුණුකලේ (Mac Book Air පරිගණකය ලියුම් කවරයකට දැමිය හැකිය) ජොබ්ස්ගේ නුවණෙනි. CD  මිලදී ගැනීම වෙනුවට ගෙදර සිටම මුදල ගෙවා අවශ්‍ය ගීත Download කරගැනීම හදුන්වා දුන්නේ ජොබ්ස්ය (iTunes). අප සැම භාවිත කරන ජංගම දුරකථනය Smart Phone එකක් කලේ ජොබ්ස්ය.

ජොබ්ස් නොමැරී තවත් කාලයක් ජීවත් වූවානම් ඔහුගේ තවත් අද්විතීය නිර්මාණ අපට දැක බලා ගත හැකිව තිබිණි.

වෙනත් මවකට දාව උපන් හිපි සංස්කෘතියට අයත්, කොකා කෝලා හිස් බෝතල් විකුණා තම කෑම වේල සොයාගත් සාමාන්‍ය මනුස්සයෙකු වූ ස්ටීවන් පෝල් ජොබ්ස්ට අති සාර්ථක වන්නට හැකි වූවානම් ඔහු මෙන්ම සාමාන්‍ය මිනිසුන් වන අපටද අති සාර්ථක වීමට අනිවාර්යෙන් හැකි විය යුතුය. අවශ්‍ය වන්නේ නොපසුබසින උත්සහයක් සහ එක් නිර්මාණශීලී අදහසක් පමණි.

Research By – AkilaWakwella (International Designer – Logo, Graphic, Ui, Ux, Web),
www.AkilaWakwella.com

Share On Facebook
Share On Twitter
Share On Google Plus
Share On Linkedin
Share On Pinterest